මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් තුල නම් කරමින් චෝලන් ලෝක වාර්තා අතරට ගිය සිසුවිය

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් තුල නම් කරමින් චෝලන් ලෝක වාර්තා අතරට ගිය සිසුවිය

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට අද (16) බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.

බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි සංකර්දාස් කණිෂ්කා නැමති දැරිය බගවන්තලා හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන අතර, ඇයගේ දෙමව්පියන් එම දැරිය පෙර පාසල් වයසේ සිටම හොද මතක ශක්තියක් ඇති බවට වටහා ගැනිමෙන් අනතුරුව ඇයට අධ්‍යනය කිරිම සදහා පොත් පත් ලබාදීමට කටයුතු කර ඇත.

ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චොලන් ලෝක වර්තාව පිහිටුවීම සදහා සංකර්දාස් කණිෂ්කාගේ දෙමව්පියන් වන තංගරාජ් සංකර්දාස් (පියා) සහ සංකර්දාස් දාමිණි (මව) යන අය විසින් චොලන් ආයතනයෙන් කල ඉල්ලිමක් මත එම ආයතනයේ ශ්‍රි ලංකා ශාඛාවේ උප සභාපති නාගවාණි රාජා මහතා සහභාගි වෙමින් මෙම වාර්තාව අධික්ෂණය කරනු ලැබීය.

චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියන පාසල් සිසුවියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සුභ පැතුම් හිමිවිය.

එම සිසුවිය චෝලන් ලෝක වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු චෝලන් ආයතනයේ ශ්‍රි ලංකාවේ උප සභාපති නාගවාණි රාජා මහතා කියා සිටියේ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන තම ආයතනය ලෝකයේ රටවල් 26 ක ක්‍රියාත්මක වන බවයි.

දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වල මෙවැනි දක්ෂතා ඇති දරුවන් හදුනාගෙන ඔහුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට රැගෙන ඒමේ අරමුණින් තම ආයතනය මගින් චෝලන් ලෝක වාර්තා පොත පවත්වාගෙන යන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.