“චෙරියපානී” නැව් සේවාව හෙට සිට ජනවාරි මුල දක්වා නවතී

“චෙරියපානී” නැව් සේවාව හෙට සිට ජනවාරි මුල දක්වා නවතී

ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර යාත්‍රා කෙරෙන “චෙරියපානී” නැව් සේවාව හෙට (21) සිට අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, මෙම නැව් සේවාව මේ වසරේ ක්‍රියාත්මක වන්නේ අද (20) දා පමණක් වන අතර එම ගමන් වාරයට ඉන්දියාවේ සිට යාපනයට මගීන් 105 ක් හා කනකසන්තුරේ සිට ඉන්දියාවට මගීන් 78 ක් එහා මෙහා යාමට නියමිතය.

අයහපත් කාලගුණික තත්ත්වය හා මෝසම් වර්ෂාව ආරම්භ වන නිසා චෙරියපානී නැව් සේවය යළි ජනවාරී මාසයේ මැද භාගයේදී ක්‍රියාත්මක කරවීමට නියමිතය.

Share This