ඕස්ට්‍රේලියාවේදී ”මාස්ටර් චෙෆ්” දිනූ සවින්ද්‍රි දිවයිනට

ඕස්ට්‍රේලියාවේදී ”මාස්ටර් චෙෆ්” දිනූ සවින්ද්‍රි දිවයිනට

2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති “මාස්ටර් චෙෆ්” ඉවුම් පිහුම් තරගාවලියේ දී තෙවන ස්ථානය දිනා ගත් සවින්ද්‍රි පෙරේරා මහත්මිය ඊයේ (16) රාත්‍රීයේ දිවයිනට පැමිණියාය.

ඇය ඊයේ (16) රාත්‍රී 10.40 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා මෙන්ම තවත් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඕස්ට්‍රේලියානු ‘මාස්ටර් චෙෆ්’ තරගාවලිය මෙම වසරේ අප්‍රියෙල් මස සිට පසුගිය 15 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් සම්බන්ධ කරගනිමින් පැවැත්වුණි.

කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය .

“මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන.

මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා.

මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා.

ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා.”