ඉන්දීය ‘චන්ද්‍රයාන් 3’ යානය සඳේ කක්ෂයට ඇතුළු වෙයි

ඉන්දීය ‘චන්ද්‍රයාන් 3’ යානය සඳේ කක්ෂයට ඇතුළු වෙයි

සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට ඇතුළු වී තිබේ.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්, ‘චන්ද්‍රයාන් 3’ යානය, අභ්‍යවකාශ ගත කළේ පසුගිය ජූලි 14 වැනිදා, ‘ජීඑස්එල්වී’ හෙවත් ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙනි.

අභ්‍යවකාශයට යැවුණු ‘චන්ද්‍රයාන් 3’ යානය, පෘථිවි කක්ෂයේ රැඳෙමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසු, සඳ බලා ගමන් ඇරැඹුවේය. යානය සඳුගේ කක්ෂයට පිවිසියේ ඊයේ (7) ටය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. ඒ තුළ පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් ඇත. රෝවර් යානය ඇත්තේ පතිත කරවන යානය තුළය.

පතිත කරවන යානය ‘වික්‍රම්’ යනුවෙන් ද රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. ‘ප්‍රාග්යාන්’ රෝවරය ද සමඟ වික්‍රම් යානය සඳට ගොඩබෑම සිදුවන්නේ ලබන අගෝස්තු 23 වැනිදාය.

එය සාර්ථක වුවහොත්, චන්ද්‍රයාගේ මෙතෙක් එතරම් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබසින පළමු රට බවට ඉන්දියාව පත් වනු ඇති.

එමෙන්ම එය ඇමරිකා එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සාර්ථක කර ගන්නා සිව්වන අවස්ථාව ද වනවා.

Share This