රණවිරු සුබසාධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රාශියක්

රණවිරු සුබසාධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රාශියක්

ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ සමීපතම ඥාතීන්ට සහ ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ටත් සේවයේ නියුතු සියලුම රණවිරුවන්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල් වලට සුබසාධන පහසුකම් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය රණවිරු සුබසාධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.

මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ කටයුත්තේ නියැලී සිටින අතරතුර තුවාල ලැබූ රණවිරුවන් ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාම රැකබලා ගනු ලබන රණවිරු සුවසහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරනු ලබන්නේ ද යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයයි.

මේවන විට මෙරට පවතින ආර්ථික අසමතුලිතභාවය නිසාවෙන් පීඩාවට පත්ව සිටින යුද්ධ හමුදා සාමාජිකයිකන් පහසුකම් සැපයීම වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව වැඩසටහන් රාශියක් මේවන විට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

එහි තවත් එක් වැඩසටනක් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙක් අද (04) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ක්‍රියාත්මක කරන ලදී.

එහිදී යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියදෙනෙකු වෙනුවෙන් වියළි සලාක බෙදාදීම සිදුකෙරුණි.

මීට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීමද යුද්ධ හමුදාධිපතුමන් විසින් සිදු කරන ලදී.

යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් අනුව කවර තත්ත්වයක් යටතේ වුවත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කිසිදු අයුරකින් අවම නොකර හැකි සෑම අවස්ථාවකම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධන ව්‍යෘපෘතිවල ප්‍රතිපාදන ඉහළ නංවා යුද්ධ හමුදා සාමාජිකයා සමාජය තුළ සුවිශේෂී පුද්ගලයෙකු ලෙස ඔසවා තැබීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි.

ඒ වෙනුවෙන් යුද්ධ හමුදා සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා වනිතා ඒකකය හරහා සුවිශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන බවත් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රකාශ කළේය.