චොක්ලට් එකක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවෙයි

චොක්ලට් එකක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවෙයි

මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය මහපට ඇඟිල්ලක කොටසක් ඊයේ (05) දහවල් හමුවී ඇති අතර පසුව ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.

මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාණ්ඩ යේ අනෙකුත් චොක්ලට් නිෂ්පාදන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාළ ඛාන්ඩයේ චොක්ලක් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.

රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරනයේ තබා ඊයේ ආහාරයට ගත් අවස්ථාවේ සැපෙන්නේ නැති ඝණ යමක් මුවට දැනුනත්, චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදීද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත.

පසුව මෙම රෝහල් සේවිකාවට ඇයට ඇති වූ අප්‍රසන්න හැඟීම හේතුවෙන් වමනය ද සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් ‍වෛද්‍ය අධිකාරිවරයාහට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිණි.

සිද්ධියට අදාල චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්ධව හෙට දින (07) මහියංගණ අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව නිතිමය පියවර ගැනිමට මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පියවර ගෙන තිබේ.

මහියංගණ – රංජිත් කරුණාවිර