දිනේෂ් චන්දිමාල් හදිසියේම නැවත පැමිණෙයි

දිනේෂ් චන්දිමාල් හදිසියේම නැවත පැමිණෙයි

මේ වන විට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ.

චන්දිමාල්ගේ පවුලේ සාමාජිකයෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත්වීමට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

දිනේෂ් චන්දිමාල් මෙම තරඟයේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක්ද රැස් කිරීමට සමත් විය.

Share This