කුඩා දරුවෙක්ට අමානුෂිකව පහර දුන් පුද්ගලයා අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

කුඩා දරුවෙක්ට අමානුෂිකව පහර දුන් පුද්ගලයා අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

වයස අවුරුදු 04ක පමණ කුඩා දරුවෙක්ට ඉතා අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙක් විසින් මෙලෙස දරුවාට අමානුෂිකව පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා විසින් දරුවාට අමානුෂිකව පහර දෙන ආකාරය අසල්වැසියෙකු විසින් වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍යවෙත මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වැලිඔය, සම්පත්නුවර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසේ වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

දරුවාට අමානුෂික ලෙස පහර දී පළාගොස් සැඟව සිටින්නේ ‘කුකුල් චමින්ද’ නොහොත් ,බිබිලේ චමින්ද, නමින් එම ප්‍රදේශයේ හඳුන්වන වනු ලබන අයෙක්.

මෙම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත් නුවර පොලීසියට දැනුම් දෙනයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This