ජනපතිගෙන් චමරිට ඇමතුමක්

ජනපතිගෙන් චමරිට ඇමතුමක්

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.

තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබලවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.