චාමර බලන්න එන්න එපා

චාමර බලන්න එන්න එපා

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා බැලීම සඳහා අවසර හිමි නොවන බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහල දැනුම්දෙයි.

ඒ විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා රෝහලට පැමිණීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් සවි කරමිනි.

ඔහු රෝහල් ගත කෙරුණු බවට පුවත සැලවීමත් සමඟ ඔහුට ආදරය කරනා බොහෝ පිරිස් ඔහුගේ සුවදුක් බැලීම සඳහා රෝහල වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එසේ පැමිණීම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බවයි.

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ මහතා බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි, රෝහල් කාර්යමණ්ඩලය ඉල්ලා සිටින්නේ.