ඇමති චාමර සම්පත් ගිය වාහනය ගිනිගනී

ඇමති චාමර සම්පත් ගිය වාහනය ගිනිගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් රථය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද (16) අලුයම් කාලයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමතිවරයා ඇල්ල ප්‍රදේශයේ අවුරුදු උත්සවයක පැවති සංගීත ප්‍රසංගයකට සහාභාගි වීමට පැමිණෙන අතරතුරදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නැහැ.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ඇල්ල පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 04 16 at 8.16.51 AM 1

WhatsApp Image 2024 04 16 at 8.16.51 AM

WhatsApp Image 2024 04 16 at 8.16.50 AM

WhatsApp Image 2024 04 16 at 8.16.50 AM 1