පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 11% සහ 12%ක් වෙයි.

මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

තාවකාලික අයිරා මත වාර්ෂිකව 23%ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කර තිබේ.

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

Share This