සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දමා ඇති බවයි, සිමෙන්ති සමාගම් පවසන්නේ.

එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.

පිරිවැය අඩු වීමේ ප්‍රතිලාභය සෘජුවම පාරිභෝගියන්ට ලබා දෙමින් දේශීය ඉදිකිරීම් කර්මාන්තය නංවාලීම මෙම මිල සංශෝධනයේ අරමුණ බවද සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Share This