වහාම ඡන්දයක් පවත්වා ජනමතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න – කාදිනල් හිමි

වහාම ඡන්දයක් පවත්වා ජනමතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න – කාදිනල් හිමි

වහාම ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අයුතු බලතල පාවිච්චි කරමින් මිනිස්සුන්ගෙ නිදහස සීමා කිරීම සඳහා නීති ගෙන එමින්, ඒකාධිපතිත්වයක් වෙත රට ගෙන යෑමට ඉඩ නොතබන බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

නීතිය අවනීතිය බවට පත් කර, සමාජය මෙහෙයවීමට අද රටේ නායකයින් සියලුදෙනා අත්වැල් බැඳගෙන කටයුතු කරමින් සිටින බවත් එවැන්නන් රට පාලනයට සුදුසු පුද්ගලයින් නොවන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවස‍ුවේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කටාන, කොච්චිකඩේ, මුරුතෑන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතමින්.

Share This