පරිභෝජනයට නුසුදුසු බටර් කිලෝ 10000 අත්අඩංගුවට

පරිභෝජනයට නුසුදුසු බටර් කිලෝ 10000 අත්අඩංගුවට

පමුණුගම නුගපේ පුදේශයේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපනයනය කිරීම සදහා ගබඩා කොට තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10000 සහ දේශීය වෙළෙද පොළට බෙදා හැරීමට සුදානමි කොට තිබු තෙල් හා මේද ආශ්‍රිත විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්.හිජාස් මහතා පවසා සිටියේ එක පැකට් එකක කිලෝ 5 බැගින් අසුරා තිබු කල් ඉකුත් වු බටර් පැකට් 2000 ක් ගබඩා 04ක තිබියේදි සොයාගත් බවත් ඒ ගබඩා 04 ටත් කල් ඉක්තු වු තෙල් හා මේද ආශ්‍රිත නිෂ්පාදන වු බටර්,ගී.මාජරීන්,පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුලු විවිධ ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබු අඩි 40 බහාලුම් (container) 10 කටත් සීල් තැබිමට කටයුතු කළ බවය.

ඒ අතරම කල් ඉකුත් වීම නිසා වෙළෙද සල්වලින් යළි කර්මාන්තශාලාව වෙත ගෙන එන මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදිත විවිධ ආහාර ද්‍රව්‍ය පැකට් වල නිෂ්පාදිත දිනය මෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කොට නැවත වෙළෙද පොලට නිකුත් කිරීමට සුදානම් ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇතැයි සැක කෙරෙණ තවත් බහාලුම් 8ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සීල් තැබිමට කටයුතු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සදහන් කර සිටියේය.

Share This