සිය බිරිය ගේතුළ සිරකර ගෙට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියෙකු අත්අඩංගුවට

සිය බිරිය ගේතුළ සිරකර ගෙට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියෙකු අත්අඩංගුවට

සිය බිරිඳ නිවස තුළ සිරකර නිවසට පෙට්‍රල් දමා ගිනිතැබූ පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර, ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවත ඇති බවත්, සැකකරු ඊයේ (13) සවස බීමතින් පැමිණ සිය බිරිඳ නිවස තුල සිරකොට නිවසට පෙට්‍රල් දමා ගිනිතබා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය පවසයි.

ගිනිතැබීමෙන් නිවසට හානි සිදුව ඇති නමුත් පැමිණිලිකාර කාන්තාව ඉන් මිදී ඇති බවද පොලිසිය සදහන් කරයි.

Share This