බස් ගාස්තු සංශෝධනය අද දහවල් ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනය අද දහවල් ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනය වන ආකාරය අද දහවල් ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවකින් අනතුරුව අද සිට බස් ගාස්තු සියයට 05කින් අඩුකරන බව බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළා.

එහෙත් බස් ගාස්තු අඩුවන ආකාරය ප්‍රවාහන බලධාරින් විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි බස් සංගම් පැවසුවේ.

ඒ අනුව නව බස් ගාස්තු පිළිබඳ දැනුම්දෙන තෙක් සියයට පහකින් ගාස්තු අඩු නොකරන බව බස් සංගම් පැවසුවා.

Share This