තවත් දරුණු බස්රථ අනතුරක් – 2ක් මරුට

තවත් දරුණු බස්රථ අනතුරක් – 2ක් මරුට

කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස් බලා ගමන්කරමින් තිබූ බස් රථයක් අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ අඹන්පොළ ප්‍රදේශයේදී මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද (10) අලුයම තවත් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බස් රථයේ ගමන්කල දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතරින් කාන්තාවන් 6 ක් හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

Share This