බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයට වෙනත් ආගමක ප්‍රශ්න පත්‍රයක් දීලා
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරිය බලහත්කාරයෙන් සිසුන් පිරිසකට අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද (08) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් පැවසූහ.
එම පාසලේ හත්වෙනිදා පැවැති ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විදුහලේ වැඩ බලන විදුහල්පතිය විසින් අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමෙන් එම දරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇත.
වැඩ බලන විදුහල්පතිවරයාගේ එම ක්‍රියාකලාපයත් සමඟ පන්තිභාර ගුරුතුමිය ඊට විරුද්ධ වී තිබෙන අතර ඒ පිළිබඳ දරුවන්ගේ මවුපියන් මෙන්ම දිඹුලාගල මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළවුණි.
මේ සම්බන්ධයෙන් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්. මුස්ලමීන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, තමා ඒ සම්බන්ධ දැනුවත් වී ඇති බවත්, ඊට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්ය.