හුලංදා ඔය පාළම ලොරියක් එක්ක කඩා වැටෙයි

හුලංදා ඔය පාළම ලොරියක් එක්ක කඩා වැටෙයි

ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම අද (05) අලුයම කඩා වැටී තිබේ.

කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී තිබේ.

අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

Share This