15දෙනෙකු ගිය බෝලෙරෝ රථයක් අඩි 75 ක හෙළකට

15දෙනෙකු ගිය බෝලෙරෝ රථයක් අඩි 75 ක හෙළකට

පහළොස් දෙනකු රැගත් බොලේරෝ වර්ගයේ ජීප් රථයක් බණ්ඩාරවෙල සිට රඹුක්කන බලා ගමන් කරමින් තිබියදී ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ පහළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පිරිසෙන් දස දෙනකු තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි ගම්පොල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති මළ ගෙදරකට සහභාගි වී රාත්‍රියේ පැමිණ ඇති මෙම පිරිස අද අලුයම හතරට පමණ අනතුරට මුහුණ පා තිබේ.

දින තුනක් පුරා එම මළ ගෙදර ගත කර ඇති මෙම පිරිස රැකියා සඳහා යාමේ අරමුණින් මෙසේ ගම්බිම් බලා යමින් සිට ඇත.

රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

කුඩා වියේ ළමුන්, කාන්තාවන් හය දෙනකු හා පිරිමි නව දෙනකු මෙහි ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.