web hit counter
වව්නියාව උපන්දින සාද ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වව්නියාව උපන්දින සාද ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වව්නියාව තෝණිකල් ප්‍රදේශයේ නිවෙසක උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී තියුණු ආයුධ වලින් පහරදී එම නිවෙසට ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අහමඩ් රහිම් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය.

ඉකුත් (24) දින සිදු වු මෙම සිද්ධියෙන් 23 හැවිරිදි කාන්තාවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු අතර පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනකු රිමාන්ඩ් බාරයේ පවසු වෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )