ඉන්දීය ජනප්‍රිය සංගීතඥ ඉලයරාජාගේ දියණිය මෙරටදී ජීවිතක්ෂයට

ඉන්දීය ජනප්‍රිය සංගීතඥ ඉලයරාජාගේ දියණිය මෙරටදී ජීවිතක්ෂයට

ශ්‍රී ලංකාවේ සංගීත සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය ජනප්‍රිය සංගීතඥ ඉලයරාජා (Maestro Iiayaraja) මහතාගේ දියණිය මෙරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉලයරාජාගේ දියණිය වන ගායිකා භවධාරිනී (Bhavatharini) පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි.

පසුගිය මාස 5ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි භවධාරිනී ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.

ඉලයරාජා විසින් රචනා කරන ලද භාරතී හි Mailpola Ponnu Onnu ගීතය සඳහා ඇය හොඳම කාන්තා පසුබිම් ගායිකාව ලෙස ඇය ජාතික සම්මානය දිනා ගෙන තිබෙනවා.

රමන් අත්තුල්ලා චිත්‍රපටයේ ‘එන් විද්‍යා සන්නාල්’ ගීතය සහ ‘තමිරභරණී’ චිත්‍රපටයේ ‘තලියේ තක ඇලයි’ වැනි ගීත බවධාරිනී ගායනා කළ ගීතවලට අයත්.

භවතරිණී මුල්වරට ගායිකාවක් ලෙසින් පිවිසියේ ‘රාසයියා’ චිත්‍රපටියෙනි.

එතැන් සිට ඇය ඇගේ පියා වන ඉලයරාජා සහ සහෝදරයන් වන කාර්තික් රාජා සහ යුවන් ශංකර් රාජා වෙනුවෙන් ගීත ගායනා කළාය.

ඇය දේවා සහ සර්පි යන තනු නිර්මාපකයන්ටද ගීත ගායනා කර ඇත.

2002 දී ඇය රේවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Mitr, My Friend’ චිත්‍රපටයේ නිර්මාපකයා ද වූවාය.

ඉන්පසුව ඇය ‘Phir Milenge’ සහ තවත් චිත්‍රපට කිහිපයක් සංගීතවත් කළාය.

ඇයගේ අවසන් සංගීත ඇල්බමය වූයේ මලයාලම් චිත්‍රපටය වන ‘මායානාධි’ය.

ඇය ‘කදලුක්කු මරියදායි’, ‘භාරතී’, ‘අසාගි’, ‘ෆ්‍රෙන්ඩ්ස්’, ‘පා’, ‘මංකතා’ සහ ‘අනේගන්’ වැනි දෙමළ චිත්‍රපටවල ද ගීත ගායනා කර තිබේ.

මිය යන විට භවධරණීගේ වයස අවුරුදු 47ක්. ඇය චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක ගීත රැසක් ගායනා කර ප්‍රසිද්ධියක් උසුලනවා.

ඉලයරාජාගේ දියණිය භවධරණී අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ වියෝව සිනමා ක්ෂේත්‍රයේ දැඩි කම්පනයකට ලක්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉලයරාජා මහතාගේ දියණියගේ දේහය හෙට සවස චෙන්නායි වෙත රැගෙන යාමට නියමිතයි.

Share This