පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා තෝරන විශේෂ සාකච්ඡා 3ක් අද බැසිල් ප්‍රධානත්වයෙන්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා තෝරන විශේෂ සාකච්ඡා 3ක් අද බැසිල් ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා 3ක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පෙරවරු 10.00 ට පැවැත්වේ.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පළමු සාකච්ඡාව පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පාළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වෙනු ඇති.

තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සිමිති නියෝජිතයින් සමග පැවැත්වීමට සැලසුම් කර තිබේ .

මෙම සාකච්ඡා වලදී ඉදිරි මැතිවරණ වලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.