නල්ලතන්නියට බාර් එකක් ?

නල්ලතන්නියට බාර් එකක් ?

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරිමට විරෝධතා දක්වන ලෙසට නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කරන්නැයි සීත ගගුල 320/බි ග්‍රාමසේවා වසමේ ග්‍රාමනිලධාරිනියට ලබාදුන් දැන්විම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකල බවට නල්ලතන්නිය ප්‍රදේශවාසින් චෝදනා කර සිටිති.

ග්‍රාමසේවා නිලධාරිනිය එම සංචාරක හෝටලයේ අයිතිකරුගේ හිතවතියක් බවත්, ඒ අනුව ඇය විසින් එම දැන්විම ප්‍රදර්ශනය නොකල බවත්, නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බවට නල්ලතන්නිය පොලිසියට දැනුම් දුන් බවත් සීත ගගුල ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන් පවසයි.

ග්‍රාමසේවා නිලධාරිනිය විසින් එම දැන්විම ප්‍රදර්ශනය නොකලද තමන් දන්නා අයුරින් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම්වරයාට විරෝධතා දක්වා ලිපි යොමු කර ඇති බව පවසන, නල්ලතන්නිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ අදාල ග්‍රාමසේවා නිලධාරිනිය නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට මහජන විරෝධයක් නොමැති බවට නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති බවයි.

සිත ගගුල ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන් විසින් ග්‍රාමසේවා නිලධාරිනයට නගන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසිමට ඇයගේ ජංගම දුරකථනයට අවස්තා කිහිපයකදි ඇමතුම් ලබාගත් නමුත් දුරකථනය ක්‍රියා විරහිර කර තිබු නිසා අප ඒ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් කල විමසුමකට ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිම සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් තමන් වෙත ලැබි තිබු බවත්, එම විරෝධතා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කල බවත්ය.

ඉදිරිපත් වි ඇති විරෝධතා සම්බන්ධයෙන් පරික්ෂා කර බලා අවසන් තිරණයක් ගැනිමේ පුර්ණ බලය ඇත්තේ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට බවයි ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ.