දින 16 කට සුරාසල් වසා තැබීමක් ගැන දැනුම්දීමක්

දින 16 කට සුරාසල් වසා තැබීමක් ගැන දැනුම්දීමක්

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය හේතුවෙන් ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා දින 16ක් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සියලු සුරාසල් වසා දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි පසන් රත්නායක මහතා කියා සිටියේ, බලපත්‍රලාභී සුරාසල් උත්සව කාලය තුළ වසා දැමීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි.

මේ අතර පසුගියදා පෙරහර කමිටු නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ රැස්වීමකදී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ වූ බව ද සඳහන්.

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය සඳහා මෙවර ද උතුරු, නැගෙනහිර සිට කුමන හා යාල ජාතික වනෝද්‍යානය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන් පැමිණීමට නියමිතව ඇත.

ඔවුන් සඳහා කුමන වන උද්‍යානයෙන්, ඔකද දේවාලය අසලින් (යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ) පිවිසුම් ‍දොරටුව විවෘත කිරීම 2024.07.02 වැනි දින පෙරවරුවේ සිදු කරනු ඇත.

Share This