සියළුම රාජ්‍ය බැංකු අදත් විවෘතයි

සියළුම රාජ්‍ය බැංකු අදත් විවෘතයි

සියළුම රාජ්‍ය බැංකු, රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙසයි.

ඒ අනුව අද (01) දිනයේදී සියළු රාජ්‍ය බැංකු විවෘතව තැබෙනවා.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් සදහා ගිණුම් ලක්ෂ 10ක් පමණ විවෘත කර ඇති අතර ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මනින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටින්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )