බංග්ලාදේශයට සුපිරි ජයක්

බංග්ලාදේශයට සුපිරි ජයක්

20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (08) පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 124ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 47ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

Share This