ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ඊයේ කියා සිටියේ, පළමු තරගයේදි වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් හිමිවනු ඇති බවයි.

එමෙන්ම දෙරට අතර පැවති විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත් අතර එක්දින තරගාවලියේ ජය හිමිවූයේ බංග්ලාදේශයටයි.

අද තරගයට් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.