බලංගොඩ නාය යෑමෙන් අතුරුදහන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

බලංගොඩ නාය යෑමෙන් අතුරුදහන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදුකරමින් පවතින බව පොලිසිය පවසයි.

එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා මෙසේ අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඔවුන් පස් කන්දට යටවී ඇත් ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න තහවුරු කරගැනීමට පොලිසීය උත්සාහ කරමින් සිටී.

රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ කාර්ය මණ්ඩලය ද, යුද හමුදා සමාජිකයන් ඇතුළු සහන කණ්ඩායම් ඊයේ රාත්‍රියේ සිටම විපතට පත් වූවන් මුදා ගැනීමේ කටයුතුවල නිරතව සිටී.

ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බව වාර්තා වේ.

Share This