ආයුර්වේද සංස්ථාවට නව සභාපතිවරයෙක්

ආයුර්වේද සංස්ථාවට නව සභාපතිවරයෙක්

ආයුර්වේද සංස්ථාවේ නව සභාපති වරයා ලෙස ආචාර්ය අනුර ඇතුලත්මුදලි මහතා (02) දා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉදිරියේ මහරගම නාවින්න ආයුර්වේද සංස්ථා පරිශ්‍රයේදි සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

ඒ මහතා 1984 වසරේ උසස් පෙළ විභාගය හදාරා මොස්කවු ලුමුම්බා මිත්‍රත්ව සරසවියට ඇතුළත්ව ජාතික ආර්ථික ක්‍රම සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා තිබේ.

පසුව 1996 වසරේ සිට රුසියාව ඇතුළු තදාසන්න රටවල ශ්‍රී ලාංකීය තේ නාමය ප්‍රවර්ධනය කිරීම පිණිස මහඟු මෙහෙවරක් සිදු කරමින් ශ්‍රී ලංකා තේ නාමය රුසියාවේ අංක බවට පත් කිරීම සදහා කැපවීමෙන් ක්‍රියා කළ අයෙකි.

මීට අමතරව තේ අපනයන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස දැනටමත් කටයුතු කරන ඒ මහතා කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයට අනුබද්ධ සංවර්ධන සමිතියේ උපසභාපතිවරයා ලෙස 2015 වසරේ සිට ක්‍රියා කරයි.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි , ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේසිරිගුණවර්ධන , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න , සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් ශම්මි දෙනාවත්ත , මහත්මිය , ආයුර්වේද සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ නීතිඥ ගයා කාංචන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Share This