ඉරානයෙන් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 180 ක්

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 180 ක්

ඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කළේය.

අද අලුයම 03ට පමණ නොනවතින මිසයිල ප්‍රහාර ඉරානය මගින් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක වී ඇති අතර මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකි වී තිබේ.

කෙසේ වෙතත් අනතුරු ඇඟවීමේ නළා නාද වෙද්දී ඊශ්‍රායල වැසියන් බියට පත් වී ආරක්ෂක ස්ථාන වෙත දිවගිය අයුරු දකින්න ලැබුණි.

ඉරාන මිසයිල ආරක්ෂක පද්ධතියට හසු නොවුණු මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත වූ නමුත් එයින් සැලකිය යුතු හානියක් සිදු නොවුණු බව ද පැවැසෙයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාර සඳහා වහාම වන්දි ගෙවීමට සූදානම් වන ලෙසට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඉරානයේ මෙම ක්‍රියාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයෙන් නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔවුන් උපරිම සහාය පළ කරන බවයි.