අස්වැසුමට ඉල්ලුම් කරන්න තවදුරටත් අවස්ථාව

අස්වැසුමට ඉල්ලුම් කරන්න තවදුරටත් අවස්ථාව

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අස්වැසුම දෙවැනි අදියර ලෙස ජූලි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24 කට ගෙවීම කරන්න බලාපොරොත්තු වන බවත් මේ සඳහා හිමිකම් ඇති පවුල් මේ වන තෙක් අස්වැසුම ප්‍රතිලාභීන් හැටියට ඉල්ලුම් කරලා නොමැති නම් ඒ අය සඳහා ඉල්ලුම් කිරීමට තවදුරටත් අවස්ථාවක් ලබා දෙන බවත්, අස්වැසුමේ රෙගුලාසී හා ගෙවීම් සම්බන්ධයෙන් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

පළමු වටයේදී මෙරට පවුල් ඒකක ලක්ෂ 20 කට අස්වැසුම ලබා දීමට අනුමත කර ඇත.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්ය.

එහිදී අමාත්‍යයවරයා පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර අලෙවිය හා ආයතනයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් නිළධාරීන් සමඟ සාකච්ජාවකද නිරත විය.

අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර, එහිදි මුදල් රාජ්‍යය අමාත්‍යයතුමන් කියා සිටියේ,

“විශේෂයෙන්ම ලංකා පොස්පේට් රාජ්‍යය ආයතනයේ කළමණාකාරීත්වයේ හා සේවකයින්ගේ ඉල්ලීමක් මත එම ආයතනයේ සංචාරයක නිරත වුණා,

මෙම ආයතනය කර්මාන්ත අමාත්‍යංශය මගින් කළමණාකාරීත්වය ක්‍රියාත්මක වුණත්, සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය තියෙන්නේ මුදල් අමාත්‍යංශයට, මෙහිදී අපි සාකච්ජා කළේ,

අපේ රටේ ආර්ථිකය ආනයනය මත පදනම් වන ආර්ථිකයකට වඩා අපනයනය මත පදනම් වන ආර්ථිකයක් බවට පරිවර්ථනයක් අද වර්ථමානයේ මේ ආර්ථික ප්‍රථිසංස්කරණ තුළ සිදු වෙමින් පවතිනවා.

තරඟකාරී වෙළඳපලක් තුළ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොහොමද , අපනයනය තුළින් මේ වාසිය අරගෙන එන්නේ කියන කාරණය, දැනට අපේ ර‌ටේ භාණ්ඩ හා සේවා අපනයනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 21% යි තියෙන්නේ,

2025 අවුරුද්ද වන විට එය 25% දක්වා වැඩි කිරීමත්, 2030 වසර වන විට භාණ්ඩ හා සේවා අපනයනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40% ක් දක්වා වැඩි කිරීම තමයි රජයේ ඉලක්කය හා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත තුළ ඇතුළත් වෙන්නේ,

අපිට ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුධයේදී ගෙවුම් ශේෂයේ පරතරය වැඩි වීම විශාල ආර්ථික අර්බුධයකට යන්න එක ප්‍රධාන කාරණයක් වුණා.

මෙන්න මේ ජංගම ගිණුමේ ඇතිවන හිඟය පියවා ගන්නත්, නැවත පෙර පැවති ආර්ථිකයට ගමන් නොකරන්නත්, තරඟකාරී වෙළඳපලක් තුළ අපනයනය ඉලක්ක කර ගත් ආර්ථිකයක් බවට මේ රට පරිවර්ථනය කරද්දී, මේ පොස්පේට් ආයතනයට විශාල කාර්යභාරයක් තියෙනවා,

ඒ පිළිබඳව දැනටමත් ආයතනයේ කළමණාකාරීත්වය හා සේවකයින් ඒ පරිවර්ථනයට සූදානම් වෙලා සැලසුම් සකස්කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.”

මෙම අවස්ථාවට ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සභාපතිනී සන්ධ්‍යා අභන්වල මහත්මිය ඇතුළු එම ආයතනයේ විධායක නිළදාරීන්, සේවක මහත්මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share This