සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

මෙම සැකකරු තලෙයිමන්නාරම ප්‍රදේශයේ වයස අවුරුදු 09ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ අයෙක්.

මොහු බන්ධනාගාර ගතව සිටිය දී අසනීප තත්ත්වයකට ප්‍රථිකාර ලබාගැනීමට වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

කන්දයියා විජයන් හෙවත් අබ්දුල් රහුමාන් නැමැති මොහු ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

55 හැවිරිදි මෙම සැකකරු හඳුනා ගැනීමට දකුණු අත පහළ සුව වූ තුවාල කැළලක්, පපුවේ වම්පස ඉහළ කළු ලපයක් සහ පපුව මැද සුව වූ තුවාල කැළලක සලකුණු ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591364 හෝ 071 8591370 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා