ප්‍රමාදයකින් තොරව සුබසාධන දීමනා ලබාදීමට බැංකු ගිණුම් විවෘත කරන්නැයි ඉල්ලීමක්

ප්‍රමාදයකින් තොරව සුබසාධන දීමනා ලබාදීමට බැංකු ගිණුම් විවෘත කරන්නැයි ඉල්ලීමක්

ප්‍රමාදයකින් තොරව සෘජුව ප්‍රතිලාභින්ගේ ගිණුමට සුභසාධන දීමනා ලබාදීම සඳහා බැංකු ගිණුම් විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටීන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉල්ලීමක් කර සිටියි.

ඇමතිවරයාගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර, බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සහාය වනු ඇතැයි සදහන් කෙරේ.

නව ක්‍රමවේදය හදුන්වාදෙන තෙක්, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතිනු ඇත.

කෙසේ වෙතත්, ඉදිරියේ දී සියළු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත දැණුම් දෙන ලෙස ප්‍රතිලාභීන්ගෙන් රජය ඉල්ලා සිටි.

Share This