අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූවන්ගෙන් අභියාචනා හා විරෝධතා 780,000ක්

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූවන්ගෙන් අභියාචනා හා විරෝධතා 780,000ක්

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හත් ලක්ෂ 80,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අතර ඇති විරෝධතා සංඛ්‍යාව දස දහසකට ආසන්නයි.

ලැබුණු අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බවයි , අමාත්‍යාංශය සඳහන් කළේ.

ලබන සඳුදා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

 

Share This