කුඩු ජාවාරම්කරුවෙකුගේ කෝටි ගණනක දේපළ සමග බිරිඳ අත්අඩංගුවට

කුඩු ජාවාරම්කරුවෙකුගේ කෝටි ගණනක දේපළ සමග බිරිඳ අත්අඩංගුවට

දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

ඒ අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවද පොලිසිය කියයි.

මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම් තුනක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබේ,

මෙම වැටලීම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය, විශේෂ කාර්ය බළකාය හා කහතුඩුව පොලිසිය එක්ව සිදුකර තිබූණි.

ආමි අසංක නමැත්තා යුද හමුදා වේ සේවය කරද්දී වැඩ තහනමකට ලක්ව පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී මෙසේ අයථා වත්කම් උපයාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.