මහනුවර රජ මාළිගය වටලා ලන්දේසින් රැගෙන ගිය කෞතුක වස්තු යළිත් ලංකාවට

මහනුවර රජ මාළිගය වටලා ලන්දේසින් රැගෙන ගිය කෞතුක වස්තු යළිත් ලංකාවට

ලන්දේසීන් විසින් 1765 වසරේදී මහනුවර රජමාලිගය වටලන ලද අවස්ථාවේ දී මෙරටින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් මෙරටට රැගෙන ඒම පිළිබඳව අද (28) ගිවිසුම් දෙකකට අත්සන් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, නෙදර්ලන්ත රජයේ බලධාරීන් හා බුද්ධශාසන අමාත්‍යාංශ බලධාරීන් අතර ගිවසුම්වලට අත්සන් කිරීම බත්තරමුල්ලේ පිහිටි සංස්කෘතික අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.

විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් නෙදර්ලන්තයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එම කෞතුක භාණ්ඩ තොගය ලබා දීමට අදාළව ගිවිසුම් සකස් වේ.

ලන්දේසීන් විසින් මෙරටින් රැගෙන ගොස් එරට තැන්පත් කර තිබුණු කෞතුක භාණ්ඩ රැසක් නෙදර්ලන්තය විසින් මීට පෙර අවස්ථාවකදීද මෙරටට ලබා දී තිබෙන බවත්, අද දින ගිවසුම්ගත වීමෙන් පසු කෞතුක භාණ්ඩ ලැබෙන දෙවැනි අවස්ථාව මෙය වන බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Share This