රු. ලක්ෂ 217ක් වංචා කළ මුදල් අයකැමිවරයෙක් අත්අඩංගුවට

රු. ලක්ෂ 217ක් වංචා කළ මුදල් අයකැමිවරයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 217 ක අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය කියයි.

ප්‍රසිද්ධ පුද්ගලික රෝහල් ජාලයක ජා-ඇල ශාඛාවේ සේවය කළ මුදල් අයකැමිවරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් අයකැමිවරයෙකු ලෙස කටයුතු කරමින් සති කීපයක් තුළදී සැකකරු මෙම වංචාව සිදුකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය අංශය මගින් සිදු කළ දීර්ඝ විමර්ශනයකට දී අනාවරණය වූ තොරතුරු අනුව වත්තල හැඳල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

වයස අවුරුදු 28 ක් වන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි