ඝාතනයකට සූදානමින් සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඝාතනයකට සූදානමින් සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඝාතනයක් සඳහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකල වැටලීමකදී කටුනායක පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත් අඩංගුවට පත් විමේ දී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05ක් හමුවී තිබුණු බවත් පොලිසිය පවසයි.

එහිදී පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙලිදරව් වූ බව පොලිසිය කියයි.

අනතුරුව ඝාතනය සදහා භාවිතයට ගැනීමට සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇතැයි දැනගන්නට ඇත.