කොළඹින් යාපනේට ගොස් ගණිකා වෘත්තියේ යෙදුනු තිදෙනෙක් අත්අඩංගුවට

කොළඹින් යාපනේට ගොස් ගණිකා වෘත්තියේ යෙදුනු තිදෙනෙක් අත්අඩංගුවට

කොළඹ සිට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කණ්ඩායමක් සමග යාපනයේ චුණ්ඩික්කුලි ප්‍රදේශයේ කාලයක සිට පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු හා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයාව යාපනය පොලීසිය විසින් ඊයේ (29 ) අත් අඩංගුවට ගෙන තිබේ.

කුළියට ගත් නිවාසයක් නවාතැන් ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස හදුන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ යාපනයේ පුද්ගලයෙකි.

මීට මාසයකට පමණ ඉහතදී කොළඹ සිට කාන්තාවන් දස දෙනෙකු පමණ මෙම ගණිකා නිවාසයට පැමිණ යාපනයට පැමිණෙන පුද්ගලයින්ට ගණිකා සේවය ලබා දුන් බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අත් අඩංගුවට පත්ව ඇති කාන්තාවන් දෙදෙනා කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කාන්තාවන් දෙදෙනා හා ගණිකා නිවාසයේ හිමිකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.