සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

සැකකරුවන් දෙදෙනා පසුගිය 12 වනදා ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට දිවා කාලයේ ඇතුලු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා නිවසේ තිබූ රුපියල් 10,707,800ක් පමණ වටිනා දේශීය, විදේශීය මුදල් සහ රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සෙප්පුවක් කොල්ලකා පළාගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි විමර්ශණ ආරම්භ වී ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප සහ පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා.

ඔවුන් දෙදෙනා කොල්ලකන ලද සෙප්පුව රැගෙන යන ආකාරය ද සී. සී. ටී. වී. දර්ශනවල සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත 071 8591646 අංකයෙන් හෝ 011 2150769 අංකයෙන් බොරලැස්ගමුව පොලිසිය වෙත දැනුම්දිය හැකියි.