ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ හෝටලයක් කඩා ඉවත් කෙරේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ හෝටලයක් කඩා ඉවත් කෙරේ

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් දෙහිවල පොලිස් වසමේ පිහිටි Soul beach නැමැති හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හදුනාගෙන වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව අද දින එම හෝටලයේ සියලුම අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු රජයේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

Share This