උපකාරක පන්ති කට් කර පාළු නිවසක මත්පැන් පානය කළ සිසු සිසුවියෝ 06ක් අල්ලයි

උපකාරක පන්ති කට් කර පාළු නිවසක මත්පැන් පානය කළ සිසු සිසුවියෝ 06ක් අල්ලයි

උපකාරක පන්තියකට සහභාගී වන බව නිවෙස්වලට පවසා අම්පාර උදයපුර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණියන් තිදෙනකු සහ තරුණයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර පන්නල්ගම සහ බක්මිටියාව ගම්මානවල පදිංචි අය වන අතර, ඔවුන් සියළු දෙනාම 18 හැවිරිදි වියේ පසුවන බවට අනාවරණයවී ඇත.

110 හදිසි ඇමතුම් සේවාවට ලද තොරතුරකට අනුව, අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතාගේ උපදෙස් පරිදි සිදුකළ වැටලීමකදි මත්පැන් පානය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණියන් තිදෙනා සහ තරුණයන් තිදෙනා අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරිමෙන් පසු බීමත්ව සිටි බවට තහවුරුවූ බව පොලිසිය පවසයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වල දී, ඔවුන් සියළු දෙනාම උපකාරක පන්ති සදහා සහභාගිවීමට අම්පාරට පැමිණ ඇති බවත්, තරුණයන් රැගෙන එන ලද මත්පැන් සියළු දෙනාම එක්ව පානය කර ඇති බවත් අනාවරණයවී ඇත.