ශ්‍රී ලංකා යුද හමුදාවේ 74වන සංවත්සරය අදයි – 1,879කට උසස් වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74වන සංවත්සරය අදයි – 1,879කට උසස් වීම්

ජාතියේ ආරක්‍ෂකයා’ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා යුද හමුදාව සිය 73 වන සංවත්සරය සහ යුද හමුදා දිනය අදට (10) යෙදී තිබෙනවා.

1949 ඔක්තෝම්බර් 10 වන දින ලංකා යුද හමුදාව (Ceylon Army) ලෙස යුද හමුදාව ආරම්භ කරන ලද අතර අද වන විට රෙජිමේන්තු 25 කින් සමන්විතයි.

74 වන සංවත්සරය වෙනුවෙන් ‌‌ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත හමුදාවේ නිලධාරීන් බොහෝමයකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකු‍ සහ සෙසු නිලයන් 1,565 දෙනෙකු ඊළඟ නිලයට උසස් කර ඇති බවයි යුද හමුදාව පවසන්නේ.

ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (උපකරණ පාලක නිලධාරීන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (උපකරණ පාලක නිලධාරීන් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (නිත්‍ය සහ ස්වේච්ඡා) යන නිලයට උසස් කෙරෙන බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන්නේ.

මේ අතර අදට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාව සම්පත් කළමනාකරණයේ දී ජාතියට ආදර්ශවත් වන අයුරින් නිසි ප්‍රමිතීන් සකස් කර නාස්තිය අවම කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ යුද්ධ හමුදා දින පණිවිඩය පහතින්