එයාර් ඇරබියා ගුවන් සේවය කටුනායක සහ අබුඩාබි අතර ගුවන් ගමන් අරඹයි

එයාර් ඇරබියා ගුවන් සේවය කටුනායක සහ අබුඩාබි අතර ගුවන් ගමන් අරඹයි

එමිරේට්ස් සමාගමේ අඩු වියදම් ගුවන් සේවයක් වන එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ යා කරමින් නව ගමන් වාර කිහිපයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

මෙම නව ගමන් වාර හෙට (08) සිට ක්‍රියාත්මක වන බවයි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එයාර් ඇරබියා ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල අබුඩාබි සහ කොළඹ අතර ක්‍රියාත්මක වනු ඇති.

Share This