වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අපේක්ෂා රෝහලට එන රෝගීන් දැඩි අපහසුතාවක

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අපේක්ෂා රෝහලට එන රෝගීන් දැඩි අපහසුතාවක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවා මුරවලින් ඉවත් වී ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (07) ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර සේවා මුර වෙනුවෙන් ගෙවන මුදල් කප්පාදු කර ඇති බවයි.

ඊට විරෝධය පල කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව ඔහු ප්‍රකාශ කළා.

වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් පවසන්නේ සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවා වලින් ඉවත්වී සිටින බවය.

මේ හේතුවෙන් දුර බැහැර සිට දින වෙන්කරවාගෙන විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ටද ආපහු හැරීයාමට සිදුවී තිබේ.

 

Share This