කොළඹ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් කඩා වැටීමේ අවදානමක!

කොළඹ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් කඩා වැටීමේ අවදානමක!

කොළඹ නගර සභා සීමාවේ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් දැඩිව අබලන්වීම නිසා එම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ නිලධාරීයෙක් පැවසීය.

වෑකන්ද මහල් නිවාස ව්‍යාපෘතිය, බම්බලපිටිට නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර මහල් නිවාස ක්‍රමය, බී36 මාලිගාවත්ත නිවාස ක්‍රමය, එම නිවාස සංකීර්ණයේ ජී. එච්. ජේ. කේ. එම්. සහ එන්. යන නිවාස සහ මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස සංකීර්ණ අට මෙම අවදානම් තත්වයට පත්ව ඇති බවත් එම නිවාස යෝජනා ක්‍රමවල පාලන අධිකාරිය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට නිවාස අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත් වාර්තා වේ.

 

Share This