අනුර ඇතුළු පිරිසක් ඉන්දියාවට

අනුර ඇතුළු පිරිසක් ඉන්දියාවට

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිව්දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ තවත් දෙදෙනෙකු ද අද (05) අලුයම නවදිල්ලි නුවර බලා පිටත් ව ඇත ..

ජාතික ජන බලවේගය පක්ෂය මුලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මත ගොඩ නැගී ඇති අතර එම පක්ෂය මීට පෙර ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි

ඉන්දු – ලංකා සාම ගිවිසුම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයක් ඔවුන් විසින් මෙහෙයවනු ලැබීය.

ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කර තිබුණි.

සිය පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ දී සිදුකරන පන්ති පහ පැවැත්වීමේ දී ද ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීමක් සිදුකළ බව වාර්තා වේ.

කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමග හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සුදානම් බවය.

අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

Share This