පොළොන්නරුවෙන් හමු වූ දුර්ලභ රන් ආඳා

පොළොන්නරුවෙන් හමු වූ දුර්ලභ රන් ආඳා

දෛනිකව ධීවර කටයුතු වල යෙදෙන කරන ධීවරයෙකුට පොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවෙන් දුර්ලභ ඝණයේ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමු වී තිබෙනවා.

මීට පෙර මෙවැනි දුර්ලභ,රන්වන් කහ පැහැති ආඳෙකු හමුවී ඇත්තේ මීට වසර හතරකට ඉහතදී අනුරාධපුර නාච්චාදූව වැවෙහි මසුන් ධීවරයකුටයි.

මෙවැනි ආඳෙකු මීට පෙර කිසිදා නො දුටු බව එම ප්‍රදේශයේ ධීවරයන් පවසන අතර එම් දුර්ලභ ආඳා දැකබලා ගැනීමට ගම්මානයේ බොහෝ දෙනෙකු පැමිණ තිබේ.

Share This